මේ මල් යායේ
මේ මල් යායේ මා හා එක්වීලා
ඈ පෑ සිනා ළං වෙලා
රෑ තරු වාගේ නිවුණා මැළවීලා
මා දෑසේ දී වේදනා ...//
මා දෑතේ වෙලිලා එදා
රෑ සීතේ සඳපානේ පිය නැඟුවා
ඒ ඡායා සිහිනේ යාවී
ඈ මාගේ නෙතු දෑලෙ දුක සැදුවා
මේ මල් යායේ මා හා එක්වීලා
ඈ පෑ සිනා ළං වෙලා
රෑ තරු වාගේ නිවුණා මැළවීලා
මා දෑසේ දී වේදනා
සෝ ගීතේ සවනේ යාවී
මා ලෝකේ තනිවූ සේ මට හැඟුණා
ඈ මා හා පෙරදා මැවූ
ඒ මායා මීදුම් සේ දුර ඇදුණා
මේ මල් යායේ මා හා එක්වීලා
ඈ පෑ සිනා ළං වෙලා
රෑ තරු වාගේ නිවුණා මැළවීලා
මා දෑසේ දී වේදනා ..//
ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - හේමසිරි හල්පිට
තනුව - සුනිල් ධර්මසේන
Ещё видео!