🙏🙏Welcome /வணக்கம் /ආයුබෝවන් 🙏🙏
ඔබ සැම සාදරයෙන් පිලිගනිමු.
*ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි*
*Activity Based Oral English*
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු වන ශ්‍රේණියේ සිටම සන්නිවේදනය හා අවබෝධය සඳහා ඉංග්‍රීසි භාවිතා කිරීමට දිවයිනේ සියලුම සිසුන්ට සම අවස්ථා ලබා දීම සඳහා කටයුතු සලසා ඇත. තුන්වන ශ්‍රේණියේ දී විධිමත් ඉංග්‍රීසි ඉගැන්වීම ආරම්භ කිරීමට ප්‍රථම හඳුන්වා දෙන මෙම නව අංගය "ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි" ලෙස හැඳින්වේ. මෙම නාමයෙන් පිළිබිඹු වන පරිදි ම මෙහි දී අවධානය යොමු වනුයේ සිසුන් ක්‍රියාකාරකම් හෝ සෙල්ලම් වල යෙදී සිටින අවස්ථාවලදී කතා බහ සඳහා ඉංග්‍රීසි භාවිතයයි. විශේෂඥ ගුරුවරයකු යොදා විධිමත් ආකාරයට ඉංග්‍රීසි ගැන්වීමක් මෙහිදී අපේක්ෂා නොකෙරේ.
මෙම විෂය නිර්දේශය ජාතික අධ්‍යාපන ආයතනයේ ඉංග්‍රීසී දෙපාර්තමේන්තුව මගින් විශේෂයෙන් ම පළමුවැනි ශ්‍රේණිය උගන්වන ගුරුවරයා විසින් ඉගැන්විය හැකි ආකාරයෙන් පරිසරය ආශ්රිත ක්‍රියාකාරකම් සහ ගණිතය යන විෂයයන් උගන්වන අවස්ථාවලදී ඒ හා සමඟ කළ හැකි ආකාරයට සකස් කර ඇත. මෙම වැඩසටහන මගින් ශ්‍රවණය හා කථනය සඳහා වැඩි අවධානයක් යොමු කර ඇත. මෙම නවාංගය පරිසර ආශ්රිත ක්‍රියාකාරකම් විෂයය සඳහා මෙතෙක් හඳුන්වා දුන් අතර ගණිත විෂයය තුළද භාවිත කිරීමට 2007 සිට ඉඩ සලසා ඇත.
පහත සඳහන් ප්‍රධාන අරමුණු මෙම වැඩසටහන තුළින් සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කෙරේ.
**එදිනෙදා භාවිතයේදී අවශ්‍ය වන සරල ඉංග්‍රීසි වචන කිහිපයක් නිතර නිතර අසන්නට හා කියන්නට සලස්වා කුඩා වයසේ සිටම දරුවන් ඉංග්‍රීසි වචන වලට හුරු කිරීම.
**සන්නිවේදනය හා අවබෝධය සඳහා සරල ඉංග්‍රීසි භාවිතා වන ඉගෙනුම් පරිසරයක් පන්ති කාමරය හා ඉන් පිටත ඇති කිරීම. ඉංග්‍රීසි භාවිතයට සිසුන් තුළ ඇති පසුබටතාම මගහැරවීම.
**තුන්වන ශ්‍රේණියේ සිට විධිමත් ලෙස ඉංග්‍රීසි ඉගෙනීමට ආශාවක් සිසුන් තුළ ඇතිවන පරිදි පසුබිම සකස් කිරීම.
Grade 2 - English Songs 23-Theme 14-Places where people work- ABOE | ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි
Grade 2 - English Songs 23-Theme 14-Places where people work- ABOE
English Lessons 23-Activity Based Oral English(ABOE)Grade 2|ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි
English Lessons 23-Activity Based Oral English(ABOE)Grade 2
ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි
C&SLF
C & S Learning Facilitators
Ещё видео!