මඤ්ඤොක්කා කියන්නේ ඉදලා හිටලා ලැබෙන කෑමක් පිටරටක ඉදිද්දි, මං හිතන්නේ අවුරුද්දකින් වගෙයි මේ ආපහු මඤ්ඤොක්කා කන්නේ. ලංකාවේ කඩේට, මඤ්ඤොක්කා ඇවිත් තිබ්බා දැක්ක ගමන් ඉක්මනට ඕඩර් කරලා ගත්තා.
මං ගොඩක්ම ආස මඤ්ඤොක්කා තම්බලා ලුණු මිරිස් පොල් එක්ක කන්න නෙවෙයි තෙම්පරාදු කරලා කන්න. හරිම රසයි. අම්මා හදන්නේ එහෙම පොල්තෙල් වලින් තෙම්පරාදු ව හදන්නේ. එතකොට ගොඩක් රසයි. තාත්තා ආස නිසා ඌරුමස් කළුවට උයනවා. ඒ කාලේ මං ඌරුමස් කන්නේ නෑ. මට අම්මා රසට හදන මඤ්ඤොක්කා තෙම්පරාදුව ඇති වෙන මොකුත් ඕන නෑ.
ඉරිදා දවල්ට මං හැදුවේ එහෙම.. මේවා කෑවේ මායි දහමුයි විතරයි. පොඩි අය කෑවේ නෑ සැර නිසා. එයාලා ආස දේවල් එයාලාට හදලා දුන්නේ..
මේවා හරිම සරල හැමෝම හදන්න දන්න ඒවා කියලා මං දන්නවා. මට ඉදලා හිටලා ලැබෙන කෑමක් නිසා ගොඩක් විශේෂයි සතුටෙන්ම හදලා ආසාවෙන් කෑවා.
ගොඩක් ස්තුතියී අහන් හිටියාටයි බලන් හිටියාටයි..
ආදරෙන්,
හෂී🌸
Ещё видео!