Sinhala Songs | Dawasin Dawasata (දවසින් දවසට) - Edward Jayakody | Lyrics
🎧 කැසට් සංගීතයේ රසවත් අතීතය රසවිඳින්න එකතු වන්න.
[ Ссылка ]
🎀 You May Also Like -
📻 Lassana Lassana (ලස්සන ලස්සන) : [ Ссылка ]
📻 Mage Susume (මාගේ සුසුමේ) : [ Ссылка ]
📻 Samanal Yaluwe (සමනල් යාළුවේ) : [ Ссылка ]
📻 Sawandari (සැවැන්දරී) : [ Ссылка ]
දවසින් දවසට කොළයෙන් කොළයට
කොළ අඩුවෙනවා දින දසුනේ
මොහොතින් මොහොතට මා ගැන සටහන්
වියැකී යනවා ඔබ මනසේ
පුරපස අවපස වෙනසක් වූවද
ඔබ වෙයි සඳ මගෙ හද අඹරේ
මගෙ ඒ සිතිවිලි හා සබැඳේවිද
මුදු සිතිවිලි ඔබ හද මැදුරේ
දවසින් දවසට කොළයෙන් කොළයට
කොළ අඩුවෙනවා දින දසුනේ
මොහොතින් මොහොතට මා ගැන සටහන්
වියැකී යනවා ඔබ මනසේ
සිතුවෙමි සිතනෙමි හුරු ලෙස ඔබ ගැන
මගෙ හිත චංචල වූයේ නෑ
දින දසුනේ තව එක කොළයක් ඇත
එක දවසකි ඉතිරිව ඇත්තේ
හිතන්න බොළඳියෙ මගේ කුටියටත්
ඔබෙ කුටියට මෙන් වසරින් වසරට
නව දින දසුනක් එනවා
#CassetteEka #SinhalaSongs #SinhalaLyrics
Ещё видео!