පසුගිය දිනක අන්තර්ජාල හරහා ලැබුණු වීඩියෝවක ටියුෂන් ගුරුවරු දෙදෙනෙක් කුණුහරප කියමින් රණ්ඩුවන දසුනක් දැකීමෙන් අතිශය දුකට සහ කලකිරීමට පත්වුනෙමි. වඩාත් දුක් වුයේ ඔවුන් දෙදෙනාම මගේ විෂය වන ජිව විද්‍යාව උගන්වන ගුරුවරු වීම නිසාය.කොහොමටත් සමාජය තුල ටියුෂන් පිළිබද තිබෙන මතය එතරම් සුභවාදී නොවන කාල වකවානුවක මෙය මෙලෙස ප්‍රචාරය වීමෙන් සමස්ථ ටියුෂන් ප්‍රජාවටම සිදු වූයේ මහත් කැළලකි. එමගින් සිදු වුයේ තවත් ටියුෂන් ගුරුවරයා සමාජය තුල හෑල්ලුවට ලක්වීම පමණකි.
මාගේ ටියුෂන් ජීවිතය තුල මම මාගේ වේදිකාව තවත් ජිව විද්‍යා ගුරුවරු කියකට නම් ලබාදී ඇතිද. උදාහරණ ලෙස පහත ගුරුවරුනට මම මගේ පංති තුල කථා කිරීමටත්, ඔවුනගේ පංති ප්‍රචාරණය කර ගැනීමටත් අවස්ථාව ලබාදී ඇත.
- ශාන්ත කස්තුරි ගුරුතුමා ( අවිස්සාවේල්ල)
- චිත්‍රන් රණවිර ගුරුතුමා (රත්නපුර)
- ධම්මික ශ්‍රී බණ්ඩාර ගුරුතුමා (කෑගල්ල)
- ධීර ධනුෂ්ක ගුරුතුමා (ගම්පහ)
- ශාන්ත පතිනායක ගුරුතුමා (ගම්පහ )
- සුරතිස්ස දිසානායක ගුරුතුමා (කොළබ)
- මංජුල විජේරත්න ගුරුතුමා (ගම්පහ)
මේ අතරින් සමහර ගුරුවරු අදටත් අප සමග එක්ව එකට පංති පවත්වන අවස්ථා ඕනෑතරම් පවතී. අපට කිසි කෙනුකු සමග ගැටුම් නොපවතී. එකම සහෝදරත්වයකින් බැදී කටයුතු කරමු.දැනුමද හුවමාරු කර ගන්නෙමු. ළමුන්ද ඒ පිළිබද දැනුවත්ය.ගුරුවරුන් ලෙස අප කටයුතු කල යුත්තේ එලෙසට නොවේද?
මා උගැන්වීම කරන කොළබ සහ ගම්පහ ඕනෑම ආයතනයක ඕනෑම ජිව විද්‍යාව ගුරුවරයෙකුට පංති පැවැත්විය හැකිය.එමෙන්ම ඔවුන්ගේ ප්‍රචාරණ පත්‍රිකා මාගේ පංතිවල බෙදා දිය හැකිය. එබැවින් රණ්ඩු නොවී ආදර්ශමත්ව කටයුතු කරන්න.ස්වභාවික වරණය මගින් උචිතයා තෝරාගන්නා බව නිතරම සිහිතබා ගන්න.
- තිස්ස ජනනායක -
Facebook : [ Ссылка ]
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත Youtube ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ Youtube චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.
Ещё видео!