පෝය දාට අහසට එන සදත් ලස්සනයි
ඒ වගේම නුඹේ හිතත් හරි අහිංසකයි
විහිළු කරල දුක හිතුනම මටත් හරි දුකයි
දුක හිතුනම රතු වෙන මුව හරිම ලස්සනයි..//
සරාසදට හිමි තරු කැට පෙලින් බසින්නම්
සදේ තනිය පාළුව දුර ඈත යවන්නම්
පුර හද මෙන් පායනතුරු ලගින් හිදින්නම්
නුඹ තනි නෑ තරුවකි මම ලගින් හිදින්නම්
පිපුන මලට එළිය වෙලා හිනැහෙන්න ඇවිත්
මල් පෙති පිනිබිදු ලග නැලවෙන්න හෙමින්
රැහැයි හඩට මොහොතක් කං දෙන්න ලං වෙමින්
සදේ සිසිල තව තව විදගන්න ලංවෙමින්
