අද, 2018 ජනවාරි මස 13 වන දින ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ විකාශනය කරන ලද උදෑසන 08.00 ධර්මානුශාසනාව පවත්වා වදාළේ, ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා ලේඛකාධිකාරී, ශ්‍රී මහා චේතියාරාමාධිපති, බණ්ඩාරගම මධ්‍යමහා විද්යාලාධ්පති, ජ්‍යෙෂ්ඨ කර්මවාගාචාර්ය, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, අවසරයි, මකුරුප්පේ සෝමාලංකාර ස්වාමින් වහන්සේ විසිනි.
"සත්පුරුෂයන් හා අසත්පුරුෂයන් කව්දැයි දැන හඳුනාගෙන ඇසුරු කිරීම පුද්ගලයාගේ යහපතට හේතුවේ. එය නිවනට ද හේතු වන්නේ නම් අසත්පුරුෂයා හඳුනාගන්නේ කෙසේදැයි ම.නි., චූල පුණ්නම සූත්‍ර දේශනාව ඇසුරු කරගනිමින් මනාව විග්රහයක දෙමින් පවත්වනු ලැබූ ඒ ඉතා අගනා ධර්මානුශාසනාව අසා ඒ අනුව සිත් මෙහෙයවමින් මෙලොවින් පරලොවට ගෙනයන මිණිමුතු රැස්කරගන්නට ධර්මයට සමීප (උපාසක) ඔබ අප්රමාදී වේවා!!!
අපගේ වන්දනීය දේශකයාණන් වහන්සේටද , පින් කැමති සියළුදෙනාට ද මේ උතුම් ධර්ම දානමය පින් අත්වේවා!!!
එසේම අනන්ත සසර පටන් මේ මොහොත දක්වා අප නමින් මිය පරලොව ගියා වූ සියළුම ඥාති-මිත්‍රාදීන් ද, ගුරු-දෙගුරුන් ද මේ පින් අනුමෝදම් වෙත්වා!!! මෙ පින් බෙලෙන් යමෙකු දුගතියක වෙත් නම් සුගතිගාමී වෙත්වා!!! සුගතියක වෙත්නම් එහිදීම උතුම් වූ ධර්මාවබෝධය වේවා!!!
අවසන් වශයෙන් , ඔබ අප සියළු දෙනාටම මේ උතුම් ගෞතම ශ්‍රී සම්බුද්ධ ශාසනයේදී ම සසර කතරින් එතෙරවීමට තෙරුවන්ගේ ආශීර්වාදයෙන් හැකියාව ලැබේවා!!!
බුදුන් සරණ හැර අන් සරණක් නැත මා හට,
දහම් සරණ හැර අන් සරණක් නැත මා හට,
සඟුන් සරණ හැර අන් සරණක් නැත මා හට,
මෙතුන් සරණ හැර අන් සරණක් නැත මා හට.
සාදු! සාදු!! සාදු!!!
ජයවීරගේ සමන්ත
රුසියාවේ සිට
Ещё видео!