මාල ගිරා ගෙල මාල පොටක් වැනි
ගෝමර පෙති මාලේ
පාට සරුංගල් පාට නෙලා ගෙන
රුව දිලෙනා ලීලේ
වතුසුදු මල සේමා වත රූසිරු බෝමා
කෝල කොමල වරුණේ සිත බැඳුනා ළඳුනේ
මාල ගිරා ගෙල.....
කදිම උවම් යොදලා කවි සීපද ගොතලා
හීතල දුරුතු මහේ කියමුද අපි ළඳුනේ
මාල ගිරා ගෙල.....
කෙකටිය සුදට සුදෝ හිරිමල් කැකුළු මුවින්
ටිකිරි හිනා බින්දූ මට දෙනවද ළඳුනේ
මාල ගිරා ගෙල.....
ගේය පද - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගායනය - ටී.එම් ජයරත්න, ලතා වල්පොල
වසන්තයේ දවසක් චිත්‍රපටයෙන් ( 1979 )
1980 වර්ෂයේ විශිෂ්ටතම ගායන ශිල්පියාට හිමි ජනාධිපති සම්මානය දිනූ දුන් ගීතය
අජන්තා ගීතාවලී
Ещё видео!