ගායනය - සිසිර සේනාරත්න සහ
ඉන්ද්‍රාණි විජේබණ්ඩාර
තනුව සහ සංගිතය - සිසිර සේනාරත්න
පද රචනය - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
60 දශකයේ ගුවන්විලුලියට ගායනා කළ ගීතයකි.
Sisira Senarathne And Indrani Wijebandara
Melody / Music - Sisira Senarathne
Lyrics - George Lesli Ranasinghe
සඳපානයි ඔබේ සුදු මුහුණයි
එකයි එයින් ආලෝක වෙයි හද මාගේ
කොවුල් නාදෙයි ඔබේ මධු ගීයයි ඇසෙයි
ඒත් කොවුලා පරාදයි වාගේ
අඹ පේර කජුයි දොඩම් මිහිරියි තමයි
තෙපුල් ඊටත් රසයි ඔබෙ භිහිරේ
මල් පෙත්තයි උදේ පිණි බිඳුවයි වගේ
නැළවෙමුකෝ අපි රස සාරේ
ජීවිතේ දි සදා රෝස මල් නෑ පිපී
සැපතේ දී වගේ දුකත් විඳිමූ අපී
ලොවේ ඒකයි සැබෑ ජීවිතේ
අප එක්වන්න කළ ඕනෑකම සෑමදා
රැකගෙන ඉඳිමු සැනසීම ඉන් වෙයි උදා
අපේ ඒකයි සැබෑ ආදරේ
____________________________________________
මෙම ඉදිරිපත් කිරීම හුදෙක් රසික රස වින්දනය සඳහා ම පමණි. ගීතයේ සම්පූර්ණ අයිතිය ඊට දායක වූ එහි මුල් නිර්මාණ කරුවන් සතු වේ.
I.G. Bandula (Bandula Gamage)
Ещё видео!