පෙම් වේදනා
හද පාරයි වේදනා
සොඳුරු සැඳෑවේ
දී ආනන්දේ
අද කෝ අප වෙන්වෙලා...
දෑතේ වෙළී සුරතල් ලෙසින්
කළ කී දෙයින් සිත මැවේ..
පවුරක් ලෙසින් මා හා බැඳී
කළ කී දෙයින් සිත හැදේ..
ගගනෝදරේ ගිගුරුම් හමා
වර්ෂාවකී
අප ආදරේ
ගංගා ගලා...
සුසුමන් හෙළා කඳුළැල් සලා
යළි හමුවෙලා පල නැතේ.
දනිමී මෙමා කුමට ද කතා
අන්සතු ළඳක් වී නිසා
භවයෙන් භවේ පින් පව් ලෙසින්
පල දී මෙසේ
සරදම් ලබා
අප වෙන් කළා...
චන්ද්‍රලේඛා පෙරේරා - ප්‍රින්ස් උදයප්‍රියන්ත
නිහාල් ගම්හේවා / නිහාල් ගම්හේවා
Ещё видео!