සැවැන්දරා සුගන්ධයෙන්
හිමාලයේ සිසිල් සුවෙන්
මගේ හිතයි ගතයි වෙළා
සිනා සඳෙන් කැළුම් හෙළා
ඔබයි බලන්නේ
ඔබයි බලන්නේ...
රන් වන් කිංකිණි නාද නඟන්නේ
සංසුන් තාලෙට පාද තබන්නේ
නිල්වන් දෑසින් සීන මවන්නේ
සඳෙන් උපන් ඉරෙන් උපන්
මලෙන් උපන් විලෙන් උපන්
ඔබයි බලන්නේ...
චන්දන කල්කෙන් තිලක තියාලා
රන් කුඹු යුග්මය ළැමද දරාලා
සල් සල් සල් මල සේ ම සැදීලා
එහේ ඉඳන් මෙහේ ඉඳන්
ළඟින් ඉඳන් දුරින් ඉඳන්
ඔබයි බලන්නේ...
ගායනය : එම්. එස ප්රනාන්දු
පද රචනය : කරුණාරත්න අබේසේකර
Ещё видео!