අද, 2018.04.01 දින (ඉරිදා) ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ විකාශනය කරන ලද පෙ.ව. 08.00 ධර්මානුශාසනාව පවත්වා වදාළේ, දෙකටන, නාමළුව, පුරාණ විහාරාධිකාරී, විශ්ව කීර්ති ශ්‍රී, ධම්ම භානී, ශාස්ත්‍රපති, විද්‍යා විශාරද, අවසරයි, වෙන්නවත්තේ රතනජෝති ස්වාමීන්වහන්සේ විසිනි.
තුන්ලෝකාග්ර වූ, භාග්‍යවත් වූ, අර්හත් වූ, දස බලධාරී, සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ, අං.නි., පංචම භා., චක්ක නි., එන ඉන්ද්රිය සංවර සූත්‍ර දේශනාව ඇසුරින් පවත්වන ලද ඒ උතුම් ධර්මානුශාසනාව අසා ඒ අනුව සිත් මෙහෙයවමින් මෙලොවින් පරළොවට ගෙනයන මිණිමුතු රැස්කරගන්නට ධර්මයට සමීප (උපාසක) ඔබ අප්රමාදී වේවා!!!
අපගේ වන්දනීය දේශකයාණන් වහන්සේටත් , ගුවන්විදුලි සංස්ථාවේ හා බාහිර වශයෙන් නන් අයුරින් දායකත්වය සැපයූ සැමටත්, පින් කැමති සියළුදෙනාටත් මේ උතුම් ධර්ම දානමය පින් අත්වේවා!!!
එසේම අනන්ත සසර පටන් මේ මොහොත දක්වා අප නමින් මිය පරලොව ගියා වූ සියළුම ඥාති-මිත්රාදීන්ද, ගුරු-දෙගුරුන්ද මේ පින් අනුමෝදම් වෙත්වා!!!
යමෙකු දුගතියක වෙත් නම් මෙ පින් බෙලෙන් සුගතිගාමී වෙත්වා!!! සුගතියක වෙත්නම් එහිදීම උතුම් වූ ධර්මාවබෝධය වේවා!!!
අවසන් වශයෙන් , ඔබ අප සියළු දෙනාටම මේ උතුම් ගෞතම ශ්‍රී සම්බුද්ධ ශාසනයේදීම සසර කතරින් එතෙරවීමට තෙරුවන්ගේ ආශීර්වාදයෙන් හැකියාව ලැබේවා!!!
බුදුන් සරණ හැර අන් සරණක් නැත මා හට,
දහම් සරණ හැර අන් සරණක් නැත මා හට,
සඟුන් සරණ හැර අන් සරණක් නැත මා හට,
මෙතුන් සරණ හැර අන් සරණක් නැත මා හට.
සාදු! සාදු!! සාදු!!!
ජයවීරගේ සමන්ත
රුසියාවේ සිට
Ещё видео!