ගෙල වට බැන්දා වූ මුතු පොටේ
දිස්නෙට මුහුණේහි ඔප වැටේ
ඔසරි නෙරියට නළල් තිලකෙට
බැන්ද සිතු පෙම් ආනන්ද වේ.....
කෝකිල සංදේශ කවි පොතේ
ඔය වැනි උපමා ද තව ඇතේ
රුවැති ළඳකට තනිව මඟ තොට
යන්න නිදහස දැන් නෑ වගේ......
සෙංකඩගලපුර පෝදා හඳ මෙනි
මේ මුතු මැණිකේලා
දළදා සමිඳුන් වැඩ හිඳිනා බිම
නෑ සුබ නෑ ඕවා....
කාගේ කවුරුද ඉන්නේ කොතැනද
නෑ අපි අඳුනන්නේ....
ආගන්තුක අපි ආවම කඳුරට
නැතුවද පිළිගන්නේ......
ප්රියා සූරියසේන - නිරංජලා සරෝජිනී
අජන්තා රණසිංහ / ප්රියා සූරියසේන
Ещё видео!