මතකද ඉස්සර ගෙදර කොයි මුල්ලේ හිටියත් මේ සිංදුව ටීවී එකේ යද්දි දුවගෙන ඇවිත් ටීවී එක ඉස්සරහ හිටගත්ත හැටි? අසාවෙන්, හරි ආඩම්බරෙන්, මුළු හදවතින්ම මේ සිංදුව කිව්ව හැටි? "අනේ මේ සිංදුව තව චූට්ටක් දිගට තිබුණා නම්" කියල හිතුන එකම කෙනා මම නොවන බව මං හොඳටම දන්නවා... ඒක දැනුණේ හරියට සම්පුර්ණ නොකරපු ගීතයක් වගේ..එහෙමත් නැත්නම් සම්පුර්ණ ගීතයකින් බාගයක් අහන්න දුන්නා වගේ නේද? අන්තිම කොටස සම්පුර්ණ නොකළ ප්‍රෙහෙලිකාවක් වගේ... සම්පුර්ණ නොවුණු අනාවැකියක් වගේ.. මට හිතෙනවා මේ ගීතය හිතාමතාම අපිට එහෙම හිතෙන්න ඉඩ හැරියා කියල... මට හිතෙනවා දිවුරුම් දීමක් වගේ හදවතින්ම මේ වචන මතුරපු, මුමුණපු අපි විසින්ම, දවසක මේ ගීතය සම්පුර්ණ කරනු පිණිස, හිතාමතාම එය අසම්පුර්ණව තිබුණා කියලා... මං හිතන්නේ ඉතිරි කොටස අපි සම්පුර්ණ කරන තුරු මේ ගීතය.... අපේ ගීතය බලා හිටියා හොඳටම ඇති...එන්න.. අපි අත්වැල් බැඳගෙන එක හිතින් මේ ගීතය සම්පුර්ණ කරමු... ප්‍රේහෙලිකාව විසඳන අන්තිම කොටස වෙමු... අනාවැකිය සම්පුර්ණ කරමු....
ඔයාලා හැමෝටම ආදරෙයි....
ආයුෂ් මනාකිල්
do you guys remember how we used to run as fast as we could right to the TV whenever this song went on? from the bottom of our hearts we sang this beloved song. I know for a fact that it wasn't just me who wished that it was longer... It felt as if it was just a half of a song, an unfinished puzzle, an unfulfilled prophecy. I think it was meant to feel that way... It was purposefully unfinished, that was to be fulfilled by the ones that gave their oath to it. I think this song... OUR song waited long enough to hear from us.... Let's join our hands and sing this song from our hearts and be the long lost piece of the puzzle... and be the fulfilment of a prophecy....
Love you all...
Ayush Manakil
find me on
facebook :- [ Ссылка ]
Instagram:- [ Ссылка ]
All the credits for the original song and images go to rightful owners.
Ещё видео!