යොවුන් වියේ ලස්සන ඒ මුහුණේ
රැදිලා තිබුනා දුටුවා ඔහුගේ...
ඉදහිට මා මග තොට යන අතරේ
නගරෙදි ඔහු මට හමුවූයේ...
අහිංසකව ඔහු මා දෙස බැලුවේ
ඒ දෑසේ රහසක් තිබුනේ...
අපි අහසයි පොළවයි වගේ සිතුනේ
එනමුදු ආදරයෙන් බැදුනේ....
ඔහු දුටුදා මගේ සිත බැදුනා
පෙම් ලොව මා වෙලුනා....
නිතරම වාගේ ඔහු කීවා
එක්වෙනු බෑ කියලා....
අපමණ බාදක හිරිහැර අතරේ
මගේ සිත කිසිදින නෑ සැලුනේ...
මට පුදුමයි ඇයි ඔහු සිත බිදුනේ...
අප දෙදෙනා දෙතනක රැදුනේ....
තාමත් මට එය රහසක් වාගේ
සිත රිදවයි නිතරම මාගේ....
අප කවදා හෝ හමුවෙමු ආයේ
මතු භවයක හෝ සංසාරේ ....
ඔහු දුටුදා සිත බැදුනා ...
පෙම් ලොව මා වෙලුනා...
නිතරම වාගේ ඔහු කීවා...
එක්වෙනු බෑ කියලා...
.
ගායනය - සංජීවනී වීරසිංහ
පදරචනය - හේමසිරි හල්පිට
සංගීතය - තිලක් ඩයස්
Ещё видео!