ඛුද්දක නිකාය
ඛුද්දකපාඨ පාළි
6. රතනසුත්තං
6. මැණික් ගැන වදාළ දෙසුම
1. යානීධ භූතානි සමාගතානි
භුම්මානි වා යානිව අන්තලික්ඛේ
සබ්බේව භූතා සුමනා භවන්තු
අථෝපි සක්කච්ච සුණන්තු භාසිතං
01. මෙතන අහසේ හරි, පොළොවේ හරි, යම් භූත පිරිසක් රැස්වෙලා ඉන්නවා නම්, ඒ සියලු භූතයෝ සතුටු සිත් ඇත්තෝ වෙත්වා! ඒ වාගේම මං මේ කියන දෙය හොඳින් අසාගෙන ද සිටිත්වා!
2. තස්මා හි භූතා නිසාමේථ සබ්බේ
මෙත්තං කරෝථ මානුසියා පජාය
දිවා ච රත්තෝ ච හරන්ති යේ බලිං
තස්මා හි නේ රක්ඛථ අප්පමත්තා
02. එම්බා භූතයිනි, දැන් හැම කෙනෙක්ම මේක හොඳට අහන්න. මනුෂ්‍ය ප්‍රජාවට මෛත්‍රී කරන්න. සමහර උදවිය දිවා රාත්‍රී දෙකේම ඔබට පින් පෙත් දෙනවා නෙව. එම නිසා ඒ මිනිසුන්ව අප්‍රමාදීව රැකගන්න.
3. යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා
සග්ගේසු වා යං රතනං පණීතං
න නෝ සමං අත්ථි තථාගතේන
ඉදම්පි බුද්ධේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු
03. මේ ලෝකයේ වේවා, වෙනත් ලෝකයක වේවා, යම්කිසි ධනයක් ඇත්නම්, ස්වර්ගවල වේවා යම්කිසි මහානීය මාණික්‍ය රත්නයක් ඇත්නම්, ඒ කිසි දෙයක් තථාගත වූ බුදු සමිඳුන්ට සමාන කරන්න බැහැ. මෙය ද බුදු සමිඳුන් තුළ ඇති මහානීය වූ මාණික්‍ය රත්නයකි. මේ සත්‍ය වචනයෙන් සෙත් වේවා!
4. ඛයං විරාගං අමතං පණීතං
යදජ්ඣගා සක්‍යමුනී සමාහිතෝ
න තේන ධම්මේන සමත්ථි කිඤ්චි
ඉදම්පි ධම්මේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු
04. සමාහිත වූ සිත් ඇති ශාක්‍ය මුනීන්ද්රයන් වහන්සේ නිකෙලෙස් වූ, විරාගී වූ, ප්‍රණීත වූ, ඒ අමා නිවන් සුව සාක්ෂාත් කළා. ඒ ධර්මයට සමාන කරන්න පුළුවන් කිසිදෙයක් ලෝකයේ නෑ. මෙය ද ශ්‍රී සද්ධර්මයෙහි ඇති මහානීය මාණික්‍ය රත්නයකි. මේ සත්‍ය වචනයෙන් සෙත් වේවා!
5. යං බුද්ධසෙට්ඨෝ පරිවණ්ණයී සුචිං
සමාධිමානන්තරිකඤ්ඤමාහු
සමාධිනා තේන සමෝ න විජ්ජති
ඉදම්පි ධම්මේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු
05. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ පරම පාරිශුද්ධ වූ සමාධියක් වර්ණනා කොට වදාළා. ඒ අරහත් ඵල සමාධියට කියන්නේ ආනන්තරික සමාධිය කියලයි. ඒ අරහත් ඵල සමාධියට සමාන කරන්න පුළුවන් කිසිම සමාධියක් ලෝකයේ නැහැ. මෙය ද ශ්‍රී සද්ධර්මයෙහි ඇති මහානීය මාණික්‍ය රත්නයකි. මේ සත්‍ය වචනයෙන් සෙත් වේවා!
6. යේ පුග්ගලා අට්ඨ සතං පසත්ථා
චත්තාරි ඒතානි යුගානි හොන්ති
තේ දක්ඛිණෙය්යා සුගතස්ස සාවකා
ඒතේසු දින්නානි මහප්ඵලානි
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු
06. බුද්ධාදී සත්පුරුෂයන් වහන්සේලා ප්‍රශංසා කරන ආර්ය පුද්ගලයන් අට දෙනෙක් මේ ලෝකයේ ඉන්නවා. ඒ උතුමන් යුගල වශයෙන් ගත් විට යුගල හතරකි. සුගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වන උන්වහන්සේලා දන් පැන් ලැබීමට සුදුසුයි. ඒ ශ්‍රාවක පිරිසට දෙන දානයෙන් මහත්ඵල ලැබෙනවා. මෙය ද ආර්ය මහා සඟරුවනේ තිබෙන මහානීය මාණික්‍ය රත්නයකි. මේ සත්‍ය වචනයෙන් සෙත් වේවා!
7. යේ සුප්පයුත්තා මනසා දළ්හේන
නික්කාමිනෝ ගෝතමසාසනම්හි
තේ පත්තිපත්තා අමතං විගය්හ
ලද්ධා මුධා නිබ්බුතිං භුඤ්ජමානා
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු
07. ගෞතම බුදු සමිඳුන්ගේ සසුන තුළ දැඩි සිතින් යුක්තව ප්‍රතිපත්තියේ යෙදිලා කෙලෙසුන්ගෙන් නිදහස් වුන යම් ශ්‍රාවකයෙක් ඉන්නවා නම්, උන්වහන්සේලා තමයි ඒ අමා නිවනට බැසගත්තේ. උන්වහන්සේලාට තමන් ලැබූ ඒ අමා නිවන් සුවය හිතුමනාපයට විඳගන්න පුළුවනි. මෙය ද ආර්ය මහා සඟරුවනේ තිබෙන මහානීය මාණික්‍ය රත්නයකි. මේ සත්‍ය වචනයෙන් සෙත් වේවා!
8. යථින්දඛීලෝ පඨවිංසිතෝසියා
චතුබ්භි වාතේභි අසම්පකම්පියෝ
තථූපමං සප්පුරිසං වදාමි
යෝ අරියසච්චානි අවෙච්ච පස්සති
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු
08. පොළොවේ ගැඹුරටම සාරා සිටවපු ඉන්ද්‍රඛීලයක් තියෙනවා. සිව් දිශාවෙන් කොතරම් සැඩ සුළං හැමුවත් ඒ ඉන්ද්‍රඛීලය සෙළවෙන්නේ නෑ. චතුරාර්ය සත්‍යාවබෝධයට පැමිණුන සත්පුරුෂයාත් එබඳු කෙනෙක් කියලයි මම කියන්නේ. මෙය ද ආර්ය මහා සඟරුවනේ තිබෙන මහානීය මාණික්‍ය රත්නයකි. මේ සත්‍ය වචනයෙන් සෙත් වේවා!
9. යේ අරිය සච්චානි විභාවයන්ති
ගම්භීරපඤ්ඤේන සුදේසිතානි
කිඤ්චා’පි තේ හොන්ති භුසප්පමත්තා
න තේ භවං අට්ඨමං ආදියන්ති
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු
09. ගාම්භීර ප්‍රඥාවෙන් යුක්ත වූ බුදු සමිඳුන් මැනැවින් දේශනා කොට වදාළ චතුරාර්ය සත්‍යය ධර්මයන් යම් ශ්රාවකයෙකුට අවබෝධ වුනොත් ඔහු කොතරම් ප්‍රමාද වුනත් අට වෙනි උපතක් කරා යන්නෙ නෑ. මෙය ද ආර්ය මහා සඟරුවනේ තිබෙන මහානීය මාණික්‍ය රත්නයකි. මේ සත්‍ය වචනයෙන් සෙත් වේවා!
10. සහාවස්ස දස්සනසම්පදාය
තයස්සු ධම්මා ජහිතා භවන්ති
සක්කායදිට්ඨි විචිකිච්ඡිතඤ්ච
සීලබ්බතංවා’පි යදත්ථි කිඤ්චි
චතූහපායේහි ච විප්පමුත්තෝ
ඡචාභි ඨානානි අභබ්බෝකාතුං
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු
10. ඒ ශ්රාවකයා තුළ චතුරාර්ය සත්‍යය පිළිබඳව සත්‍ය ඤාණයට පැමිණීමත් සමඟම සක්කාය දිට්ඨි, විචිකිච්ඡා හා යම්කිසි මිත්‍යා සීල ව්‍රත කියන මේ සංයෝජන තුන දුරුවෙලා යනවා. ඔහු සතර අපායෙන් මැනැවින්ම නිදහස් වෙනවා. (ආනන්තරීය පාප කර්ම පහත්, නියත මිත්‍යා දෘෂ්ටියත් යන) මේ පව් හය ඔහුගේ අතින් කෙරෙන්නේ නෑ. මෙය ද ආර්ය මහා සඟරුවනේ තිබෙන මහානීය මාණික්‍ය රත්නයකි. මේ සත්‍ය වචනයෙන් සෙත් වේවා!
11. කිඤ්චා’පි සෝ කම්මං කරෝති පාපකං
කායේන වාචා උද චේතසා වා
අභබ්බෝ සෝ තස්ස පටිච්ඡාදාය
අභබ්බතා දිට්ඨපදස්ස වුත්තා
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු
11. ඒ ආර්ය ශ්රාවකයා කයින් වේවා, වචනයෙන් වේවා, චේතනාවකින් වේවා යම්කිසි වරදක් කරනවා නම්, ඔහුට ඒ වැරැද්ද සඟවාගෙන ඉන්න පුළුවන්කමක් නෑ. වරද සඟවනවා කියන එක ධර්මය දැකපු කෙනෙකුට කරන්න බැරි දෙයක් බවයි මා විසින් පවසන්නේ. මෙය ද ආර්ය මහා සඟරුවනේ තිබෙන මහානීය මාණික්‍ය රත්නයකි. මේ සත්‍ය වචනයෙන් සෙත් වේවා!
12. වනප්පගුම්බේ යථාඵුස්සිතග්ගේ
ගිම්හානමාසේ පඨමස්මිංගිම්හේ
තථූපමං ධම්මවරං අදේසයී
නිබ්බාණගාමිං පරමං හිතාය
ඉදම්පි බුද්ධේ රතනං පණීතං
Ещё видео!