හුණුගල් රූ සොයා මීටර් ගණනාවක් පොළව යට කල අමතක නොවන සංචාරය.
"මීටර විස්සකටත් වඩා පොළව යට ඇති අඩි දෙකක් පමණ වූ උමං දොර හරහා මීටර දහයකට වැඩි දුරක් රිංගා යා යුතුය. නිරන්තරයෙන්ම රූරා වැටෙන දිය බිදිති සහ උමග ඉහල ඇති ඉරි තලා ගිය හුණුගල් තට්ටුව කොයි මොහොතක හෝ පහලට කඩා වැටී අප සියලු දෙනා මේ අදුරු උමග තුල සිර වේවිද යනුවෙන් යටි සිත මා හට මැසිවිලි නගයි. "කෙසේ වෙතත් උමගේ ඉහල පස් සහ ගල් තට්ටුව කඩා වැටුන හොත් නිසැකවම අප සියලු දෙනා මේ තුලම පන පිටින් මිහිදන් වන බව නිසැකය."
ලොකු පීරිස් ලණුවෙහි එක් කොනක් ගල් කොණක සවි කොට අනෙක් කොන ගෙන ලිද තුලට බැස ගත්තේ විමසිල්ලෙන් ය. මක්නිසාද යත් ලිං පතුල තුල කාලයක් එකතු වූ රොන් මඩ මිනිසෙකු ජලයේ ගිලී මැරීමට යාමටත් වඩා අනතුරුදායක නිසාවෙනි. ඉන් පසු මමත් ලිද තුලට බැස ගත්තද අවාසනාවකට මා පැලද සිටි අත්වැසුම් ඇගිලි තුඩු ආවරණය නොවීම නිසා ලනුවේ මතුපිට අල්ලාගැනීමේදී ඇති වූ ලිස්සා යාමත්, එහි රත් වීමත් නිසා මාගේ දෑත් යුගලයේම සෑම ඇගිල්ලකම පාහේ දිය පට්ටා දමා දැඩි වේදනාවකට ලක් වීමට සිදු වීමයි.
දෑස සෙවූ සුන්දරත්වයත් මනස සෙවූ නිදහසත් වෙනුවෙන් මාගේ දෙපා සහ දෑත් විදි කටුක අත්දැකීම් එමටය. ඔවුනටද පිං දී බැසගත් හුණුගලින් නිම වූ ලිං පතුලෙන් දිය පහරක හඩ නැගෙන ඉසව්ව සොයා නැවතත් ලොකු පීරිස් සහ මා ගමන් ඇරඹුවේ තවත් මීටර හයක පමන උමගකට රිංගා ගනිමිනුයි. එම උමග කෙලවරේ ගලා යන්නේ නිල්වන් වූ දිය පහරකි. ලහි ලහියේ ගලා යන දිය පහර හුණුගල් මත ගැටී සිහින් හඩක් නංවන්නේ පොලව යට සැගව ඇති නැළවිලි ගීයක රසයක් මතු කරවමිනි.
මීටර තිහකට ආසන්න දුරක් පොළව යටට ගොස් ඒ වෙනුවෙන් වැය වූ වෙහෙස සහ මහන්සිය වෙනුවෙන් සොබාදහම දුන් තිලිණය නම් මේ සීතල දිය පහරයි. පිපාසය සංසිදෙන තෙක් දිය පහරෙන් දිය පානය කොට නැවතත් උමං ලිදෙන් ඉහලට නැග ගත්තේ තවත් දිනෙක තවත් වතාවක් මෙහි පැමින යුතු යැයි මා මාහටම කියා ගනිමිනි.
මූලිකව ගත් කල ශ්රී ලංකාවේ පොලවෙහි සියයට දහයක පමණ ප්රමාණයක් ඇත්තේ හුණුගල් ය. වර්ශ ගණනාවක් මුලුල්ලේ නිර්මාණය වන හුණුගල් ජලය සමග පවත්වන්නේ ලග නෑ කමකි. මක්නිසාද යත් හුණුගල් ඇති සෑම තැනකම පාහේ ජලයත්, ජලය ඇති සෑම තැනෙකම පාගේ හුණුගලුත් දැක බලාගත හැකිය. හුණුගල් වල විපරීත අවධිය මගින් කිරිගරුඬ නිර්මාණය වේ. කෙසේ වෙතත් මා හට නම් මෙය අමිල වූ නිර්මාණයකි.
පොළව යට ඇති මේ සොදුරු හුණුගල් ගුහාව තුල ඇති මිනිසෙකුට යා හැකි සෑම උමගකම අප සියලු දෙනා රිංගා ගියේ එකිනෙකට වෙනස් සහ සොදුරු වූ රූ රටා මවනා හුණුගල් නිර්මාණයන් දැක බලා ගනිමිනුයි. හවස් වීමට මත්තෙන් නැවතත් මග සොයාගෙන ඉහලට පැමිනීමට අපට හැකි විය. පැය ගණනාවක් අදුරේ සිටි අපට කොල පැහැති වට පිටාව රැගෙන ආවේ සැනසීමකි. තවත් මීටර පනහක පමන ඈතින් තවත් උමගක් වූ අතර එයටද රංග මල්ලී සමග ගමන් කිරීමට අපට හැකි විය. ඒ උමග වවුලන්ගෙන් පිරී පැවති අතර මීටර විසි පහක පමන උමග අවසානයේ මීටර තුනක පමන පලලකින් යුක්තව ගැඹුරු වූ දිය පහරක් ගලා යනු දැක බලා ගැනීමට අපට හැකි විය.
දිනයක් පුරා පොළව යට ගතකල අප උමගේ සිට තවත් කිලෝමීටර තුනක පමන දුරකින් ඇති දිය ඇල්ලක් වෙත ගමන් කලේ වෙහෙස සහ මහන්සිය සංසිදුවා ගැනීමට සීතල දිය පහරක පහස විද ගැනීමටයි. ගමේ ගැමියන්ගෙන් ලැබුණු ගෙදර හැදූ කිතුල් හකුරුත්, කලු දොදොලුත් අපගේ දහවල් ආහාරය විනි. මේ සොදුරු ගමන අවසානයේ නැවතත් ලොකු පීරිස් සහ මා කොළඹට ඒමට පිටත් වූයේ රංග මල්ලී සග චානක මල්ලී පෙන් වූ විශාල කදු මුදුනක් දෙස බලා නැවත මෙහි ආ යුතුය යන අදහස ඇතිව සුසුමක්
හෙළමිනුයි.
ආයුබෝවන් මම දිනේෂ්.
Limestone Cave in Sri Lanka | Underground Crystal Lake
“Rupa” means pictures in Sinhalese, a spectacular Limestone cave in Sri Lanka. It was a task to get into the cave because there was no particular way to get into the Forrest or to the cave. However, with the help of two of my friends, we got into the cave more easily. Miraculous! What a beautiful experience it was.. we forgot all our tiredness after seeing this wonderful natural creation. Limestones make many different shapes which our eye reads as pictures. There was not only one cave inside this cave. Many doors to our left and right open this cave to endless paths. Another surprise, we found an underwater lake, a crystal water lake inside this cave. So, it was a one-time experience that we would never forget in our life. I hope you will enjoy the video
Greetings
I am Dinesh
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - [ Ссылка ]
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
“Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“
#limestone #rupalena #hunugal #underground #caveinsrilanka
Ещё видео!