ගෙල වට බැන්දා වූ මුතු පොටේ
දිස්නෙට මුහුණේහි ඔප වැටේ
ඔසරි නෙරියට නළල් තිලකෙට
බැන්ද සිතුපෙම් ආනන්ද වේ
කෝකිල සංදේශ කවි පොතේ
ඔය වැනි උපමා ද තව ඇතේ
රුවැති ළඳකට තනිව මග තොට
යන්න නිදහස දැන් නෑ වගේ
[සෙංකඩගලපුර පෝදා හඳ මෙනි
මේ මුතු මැණිකේලා
දළදා සමිඳුන් වැඩ හිඳිනා බිම
නෑ සුභ නෑ ඕවා]//
ගෙලවට බැන්දා වූ මුතු පොටේ…..
[කාගේ කවුරුද ඉන්නේ කොතැනද
නෑ අපි අඳුනන්නේ
ආගන්තුක අපි ආවම කඳුරට
නැතුවද පිළිගන්නේ]//
කෝකිල සංදේශ කවි පොතේ…..
ගෙලවට බැන්දා වූ මුතු පොටේ…..
ගේය පද - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - ප්රියා සූරියසේන
ගායනය - නිරංජලා සරෝජිනී, ප්රියා සූරියසේන
අජන්තා ගීතාවලී
![](https://s2.save4k.org/pic/uL3iKRAC1m8/mqdefault.jpg)