Lavan Abhishek | Mawakage Unusuma Nolaba
මුල් ගායනය කේ. සේන මහත්මා.
මෙම ගීතයේ සියලුම අයිතීන් එහි මුල් අයිතිකරුවන් සතු බවත් , හුදෙක් නිර්මාණශීලිත්වය වෙනුවෙන් පමණක් මෙය යොදාගන ඇතිබවත් කරුණාවන් සලකන්න.
මවකගෙ උණුසුම නොලබා සැපට නිදන පුතේ
ඔබටත් මට මෙන් තනිකම දැනෙනවාද පුතේ
ඔබෙන් සිඟිති පුතේ මගෙ පාලුව මැකේ
අප දෙන්නා අඳුරු ලොවැක තනිකරදා පුතේ
නුබෙ අම්මා දිවිය ලෝකෙ ගියා චූටි පුතේ
මා හටදී ඔයා ඈ සුර ලොව ගියා//
හිතේ තියන පාලු ගතිය මග හරින්න පුතේ
සුර කුමරුන් සමගින් ඔබ හිනහෙනවද පුතේ//
සුරවිමනට වැදී මගෙ රන් කඳ නිදී//
පුතුගෙ උපත මවගෙ විපත එක දිනයෙම උනේ
කොහොමද මම සිහි කරන්නෙ පුතුගෙ උපන් දිනේ
නිදා ගන්න පුතේ තාත්තගෙ අතේ //
තවමත් කිරි සුවඳ දැනෙයි ඔබෙ සිලිටි ගතේ
ඔබ නැතිනම් මම දැනටත් මැරී ඇතෙයි පුතේ //
පියාගෙ ජීවිතේ ඔබේ ළඟයි පුතේ
ලොකු උනාම අම්මා ගැන අහන්නෙපා පුතේ
එතකොට මගෙ දෙනෙත් වලට කඳුලු පිරෙයි පුතේ
දොයි දොයි දොයි පුතේ බයි බයි බයි පුතේ //
Mawakage Unusuma song by K.Sena, Sri Lanka
Ещё видео!