ලොවේ සොඳුරු බව ඔබේ ඇසින් දකිමී
මම ඔබේ ඇසින් දකිමී
ලොවේ මිහිරි බව ඔබේ හඬින් අසමී
මම ඔබේ හඬින් අසමී....
මගේ ළමා විය නුඹේ ඇසින් දකිමී
මම නුඹේ ඇසින් දකිමී
මගේ ළමා සර නුඹේ හඬින් අසමී
මම නුඹේ හඬින් අසමී.......
ඔබේ ළමා විය රුසිරු පුදන්නට
මුණුබුරු මා හට හැකි නම්
ඔබේ ළමා විය මිහිර සදන්නට
මා හඬ පින් කර ඇති නම්
මගේ ළමා ලොව දෙව් ලොවකී.....
නුඹේ මවුන් පෙර හැදූ වැඩූ ලෙස
නුඹේ මවුන් ලොව මිහිර සැදූ ලෙස
නුඹේ මවුන් මා හිත ද දිනූ ලෙස
නුඹේ හැඟුම් ඒ ලෙසින් දිලේ නම්
මගේ හීන මල් පිපීමකී......
මහා සයුර බඳු මියැසි තලාවක
ඔබ පෙර දා පෑ සුරුකම්
මනා ලෙසින් පිදු ගැයුම් කලාවක
ඔබ පෙර දා දුන් මනු දම්
සදා මගේ ලොව රන් ටැඹකී.....
මගේ පැතුම් යළි පුබුදා දෙරණ’ත
මගේ සුසුම් මඳ පවනක් සේ ගෙන
මගේ ගැයුම් අබරණ පළඳා හෙට
නුඹේ යසස් මා දෙනෙත් දකී නම්
මගේ සැඳෑයම තුසිතයකී.....
ඔබ සදා මගේ ලොව රන් ටැඹකී.....
මගේ සැඳෑයම තුසිතයකී.......
ඔබ සදා මගේ ලොව රන් ටැඹකී......
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක සිය මුණුබුරු විනුජ තරුෂ්ක සමඟ.
Ещё видео!